විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 නොවැම්බර් 25 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමුවිය.

දෙරටේ ගුවන් සහ මුහුදු සම්බන්ධතා භාවිතා කරමින් පුද්ගලාන්තර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ ඉදිරි ගමන කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍ය සබ්රි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය හසීනා මැතිනිය, දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූ හ. කොළඹ වරාය හරහා බංගලාදේශ යාත්‍රා සඳහා ඉහළ අවස්ථා ලබා දීමේ කටයුතු පිළිබඳව දිරිමත් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ආයෝජන බංග්ලාදේශය තුළ තවදුරටත් සිදු කරන ලෙස ආරාධනා කළේ ය. සංචාරක ව්‍යාපාරය  ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍ය සබ්රි මැතිතුමා,  ශ්‍රී ලංකාවට පැමිණ එය  ගවේෂණය කරන ලෙස බංග්ලාදේශ සංචාරකයන්ට සහ ආයෝජකයන්ට ආරාධනා කළේ ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  උප සභාපතිත්වය දරන අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, එහි අමාත්‍ය කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගී වීම සඳහා ඩකා නුවර සංචාරයක නිරතව සිටියි.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 නොවැම්බර් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close