විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි

2022 නොවැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමාගේ නිල නිවසේ පැවැති උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සහ බංග්ලාදේශ ව්‍යාපාරික වෘත්තිකයන් හමුවිය.

මෙහිදී පවත්වන ලද කෙටි අන්තර් ක්‍රියාකාරී සැසියේ දී,  ශ්‍රී ලංකා බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (SLBCCI) සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ  අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ දෙරට අතර දැනුම හුවමාරු කරගැනීමේ හැකියාව යනාදිය පිළිබඳව සාකච්ඡා කළේ ය. මෙහිදී අදහස් පළ කළ SLBCCI හි සාමාජිකයන්, දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන අනාගත ද්විපාර්ශ්වික වෙළඳ මුලපිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය සබ්රි මැතිතුමා දැනුම්වත් කළහ.

මේ වන විට, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 කට ආසන්න අගයක් දරන අතර, එය තුන්වැනි ඉහළම විදේශීය ආයෝජන ව්‍යාපාරය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ විශාලතම ආයෝජකයන්ගෙන් එකකි. කීර්තිමත් ශ්‍රී ලාංකික ව්‍යාපාර  80ක් පමණ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වේ. දක්ෂ ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ තාක්ෂණවේදීන් බංග්ලාදේශ ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා වසර ගණනාවක් මුළුල්ලේ දායක වී ඇත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා  පිහිටුවා වසර 50ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 නොවැම්බර් 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close