ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව ඕමානයේ දී “ලංකා කුරුඳු තේ” දියත් කෙරේ

ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව ඕමානයේ දී “ලංකා කුරුඳු තේ” දියත් කෙරේ

ඕමානයේ මස්කට් හි අල් මීරා හයිපර්මාර්කට් හි දී “ලංකා කුරුඳු තේ” නව සන්නාමයක් හදුන්වා දීම ඉකුත් 21 වනදා සිදුවිය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ගේ ප්‍රධානත්වයෙන් එදිනට යෙදී තිබුණ ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව මෙය සිදු විය.  මේ අතරතුර දී ජාත්‍යන්තර තේ දිනය සනිටුහන් කරමින්, මෑතක දී ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් එළිදක්වන ලද ලංකා තේවලින් වර්ණ ගන්වන ලද මුහුණු ආවරණ ද සහභාගී වූවන් හට බෙදා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිනමන් වන් (පුද්.) සමාගමේ නිෂ්පාදනයක් වන “ලංකා කුරුඳු තේ” ඕමානයේ සීමාසහිත ඩයිනමික් ග්ලෝබල් සමාගම මඟින් ආනයනය කරනු ලැබේ. “ලංකා කුරුඳු තේ” සෞඛ්‍යමය ප්‍රතිලාභ ගණනාවක් අත් කර දෙන 100% ක් උසස් තත්ත්වයේ ලංකා කුරුඳුවලින් රසගන්වා ඇත.

මෙම ලංකා තේ දියත් කිරීමේ උත්සවය තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් මෑතක දී විවෘත කරන ලද ශ්‍රී ලාංකික-ඕමාන හවුල් ව්‍යාපාරයක් වන මස්කට් හි අසීබා හි මීරා හයිපර්මාර්කට් හි පිහිටි “ඔජායේ” ශ්‍රී ලාංකික අවන්හළේ දී පැවැත්විණ. අවන්හළේ හිමිකරු චානක හෙට්ටිආරච්චි මහතා, ඔහුගේ අනුග්‍රාහක සාලේ සුලයිමන් මොහමඩ් අල් සල්මි මහතා සහ හිතවතුන් මෙම “ලංකා කුරුඳු තේ” දියත්කිරීමට සහභාගී වූ අතර, ඒවා ඔජායේ අවන්හළේ අලෙවිය සඳහා තබා ඇත. මෙය නව ශ්‍රී ලාංකික නිෂ්පාදන ඕමාන වෙළඳපොළ වෙත ප්‍රවර්ධනය කිරීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දරන ලද තවත් එක් ප්‍රයත්නයකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2021 මැයි මස 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close