ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඔප්ටිමල් ඇඟිලිතුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් පරිත්‍යාග කිරීම

ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඔප්ටිමල් ඇඟිලිතුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ලෙබනනය සහ සිරියාව සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, හිතවතුන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවට ඔප්ටිමල් ඇඟිලිතුඩු ස්පන්දන ඔක්සිමීටර 60ක් විදේශ අමාත්‍යංශය හරහා පරිත්‍යාග කළේය.

මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල රෝගීන්ට උපකාර කිරීම සඳහා වේ.

2021 වෙසක් වැඩසටහනේ කොටසක් ලෙස මෙය සිදු කෙරිණ. තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිනිය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, නිර්වේතනික කොන්සල් ආචාර්ය මොහමඩ් මූසලාම් අල් ඩ්‍රෝබි මැතිතුමා, ඩුරේ සම්මන් අල් ඩ්‍රෝබි මැතිනිය, ව්‍යවසායක මල්කාන්ති සිල්වා සහ රත්නදීප ජාත්‍යන්තර සංක්‍රමණික සංගමයේ සභාපති කුසුම් කොඩිකාර මහත්මිය මෙම ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් පරිත්‍යාග කිරීම සඳහා එක්වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්

2021 මැයි මස 26 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close