සිනෝෆාර්ම්( Sinopharm ) එන්නත් මාත්‍රා 500, 000 රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය බීජින් නුවරින් පිටත් වෙයි.

සිනෝෆාර්ම්( Sinopharm ) එන්නත් මාත්‍රා 500, 000 රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය බීජින් නුවරින් පිටත් වෙයි.

සිනොෆාර්ම් මාත්‍රාවන් 500,000 ක් රැගත් ශ්‍රි ලංකන් ගුවන් යානයක් 25 දා 7.30 ට චීනයේ බීජින් නුවර සිට ශ්‍රි ලංකාවට පිටත්ව තිබේ. චීනය විසින් තෑගි කරන ලද  දෙවන එන්නත් තොගය මෙයයි. මීට පෙර චීනය විසින් එන්නත් 600,000 ක් පරිත්‍යාග කරන ලදී.

චීනයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය පාලිත කොහොනා 2021 මැයි 23 වන දින බීජිං ගුවන්තොටුපළට ගොස් එන්නත් තොගය ලංකාවට භාරදීම අධීක්ෂණය කර අවශ්‍ය ලියකියවිලි තහවුරු කරන ලදි.චීනයෙන් තවත් සිනොෆාර්ම්  එන්නත් මාත්‍රාවන් මිලියන 14 ක් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලය චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 මැයි 26 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close