ශ්‍රී ලංකාව ඩකා නුවර සිටින ශක්‍යතා සහිත ආයෝජකයන්  රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාව ඩකා නුවර සිටින ශක්‍යතා සහිත ආයෝජකයන්  රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශය (SLCB) සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ සම්බන්ධ වූ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සැප්තැම්බර් 1 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීම පිළිබඳ සැඳෑ වැඩසටහනක් පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ දූත පිරිස සහ ආරාධිත බංග්ලාදේශ MICE ගැනුම්කරුවන් අතර පැවති මාධ්‍ය සාකච්ඡාවක් සහ ව්‍යාපාර ගැළපුම් වැඩසටහනක් මෙම වැඩසටහනට ඇතුළත් විය. ඉන් අනතුරුව, මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී ව්‍යාපාරික සංසදයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

මෙම සුවිශේෂී වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව වඩාත් යෝග්‍ය MICE ගමනාන්තයක් ලෙස විදහා දැක්වීම සහ බංග්ලාදේශ සංචාරක වෙළඳාම, වෘත්තීය සම්මන්ත්‍රණ සංවිධායකයන් (PCO) සහ MICE සංවිධාන සඳහා මෙරට තුළ පවතින අවස්ථා විදහා දැක්වීමයි.

බාහිර MICE නියෝජිතයන්, ආයතනික නියෝජිතයන්, සංගම් ප්‍රධානීන් සහ දිරි දීමනා නිවෙස් සහ ශ්‍රී ලංකාවේ MICE කර්මාන්ත සමාගම් 12ක් නියෝජනය කරමින් බංග්ලාදේශයේ සහභාගිවන්නන් 80කට වැඩි පිරිසක් සහ මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයේ (SLCB) සහයෝගයෙන් MICE කර්මාන්තය ආශ්‍රිතව දෙරට අතර පවත්නා විභවයන් ගවේෂණය කරන ලදි.

බංග්ලාදේශ සංචාරක නියෝජිතයන්ගේ සංගමය (ATAB), බංග්ලාදේශ බාහිර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (BOTOA), බංග්ලාදේශ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (TOAB) සහ බංග්ලාදේශ සංචාරක ලේඛක සංගමය  (BDTWA) ද මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ හවුල් විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා සිය ප්‍රධාන දේශනයේ දී, බංග්ලාදේශය දකුණු ආසියානු කලාපය තුළ ප්‍රධාන ඉලක්ක වෙළඳපොළක් ලෙස කැපී පෙනෙන පැවැත්මක් සහිතව ඉස්මතු වී ඇති බව සඳහන් කළේය. විශේෂයෙන්ම වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිය නිම් වළලු පුළුල් කරමින් බංග්ලාදේශය ඉතා සීමිත කාල රාමුවක් තුළ සිය ස්වයං අධිෂ්ඨානය, ආර්ථික සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඔප්පු කොට ඇත. ජාතීන් දෙක අතර පවත්නා වසර 50 ක සබඳතාව ඉදිරි වසරවලදී ද සිය සාමූහික හැකියාවන් උපරිම මට්ටමට ගෙන එනු ඇත. "MICE ප්‍රවර්ධන සැඳෑව" ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්නා සියවස් ගණනාවක සහයෝගීතාව සහ සහෝදර සබඳතා විදහා දැක්වීමේ පළමු වැඩසටහන වනු ඇත.

මෙහිදී සිය අදහස් පළ කළ ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා, බංග්ලාදේශය දකුණු ආසියානු කලාපයේ MICE සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රධාන මූලාශ්‍ර වෙළඳපොළක් වන බවත්, පසුගිය වසර කිහිපය තුළ එය MICE ධාරිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කොට ඇති බවත් සඳහන් කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෘජු ගුවන් සබඳතා, මෙම අංශය වැඩිදියුණු කිරීම සඳහා  ධනාත්මක ලෙස ඉවහල් වී ඇත. විශේෂ අත්දැකීම් සහිත විශේෂාංග එකතු කරමින් ව්‍යාපාරවල පරිමාණය පවත්වාගැනීමට සහ එය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවේ MICE ආයෝජකයන් සමඟ සම්බන්ධීකරණයෙන් බංග්ලාදේශයේ MICE ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව කටයුතු කරයි.

පැමිණ සිටි පිරිස ඇමතූ බංග්ලාදේශය සඳහා වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාර ශාරුක වික්‍රම ආදිත්තිය මහතා,  පිටත්වීමේ අවස්ථාවේ සිට ගුවන් ගමන තුළ  සහ යළි පැමිණීම දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම සියලුම මගීන්ට වඩාත් හොඳම සේවාවන් සැපයීමට උත්සාහ කරන බව සඳහන් කළේ ය. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ උණුසුම් පිළිගැනීමක් සමඟින් MICE කණ්ඩායම් වෙත පිරිනැමෙනු ඇත.ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වන විට කොළඹ-ඩකා අංශය තුළ දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර එය සියලුම සංචාරකයන් සඳහා හිමි වන අමතර වාසියක් වේ.

සාර්ක්, බිම්ස්ටෙක් සහ පොදුරාජ්‍ය මණ්ඩලය යන සංවිධාන තුළ සුවිශේෂී සාමාජිකත්වයක් දරන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ වාණිජ්‍ය කටයුතු, නාවික කටයුතු සහ පුද්ගලාන්තර සබඳතා ආශ්‍රිත ක්ෂේත්‍ර හා සබැඳි ආංශික සහයෝගීතාව හරහා ඉමහත් ස්ථාවරභාවයක් ලබා ඇත. බංග්ලාදේශය සමඟ ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ දී ශ්‍රී ලංකාව සුවිසල් පහසුවක් අත්විඳින අතර, දෙරටේ ම ඉදිරි වර්ධනයට ඉවහල් වන සහජීවනයෙන් යුත් සබඳතාවක් පවත්වා ගැනීමට ද සමත්ව ඇත.

මෙම වසරේ දී රටවල් ද්විත්ත්වය සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සමරන අතර, මිත්‍රත්වය සහ සහයෝගීතාව පෙරදැරිව ඉදිරියටම ගමන් කරනු ඇත.

මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 සැප්තැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close