ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ප්‍රදර්ශනයට සහභාගී වේ

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ප්‍රදර්ශනයට සහභාගී වේ

පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්‍රී ලාංකික සමාගම් තුන, ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්“Muslim Life Trade 2022”නමැති ප්‍රදර්ශනය තුළ සංවිධානය කරන ලද ප්‍රදර්ශන කුටියක් හරහා සිය නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කළහ. මෙම ප්‍රදර්ශනය 2022 අගෝස්තු 26 සිට 28 යන දිනවල ඉන්දුනීසියාවේ ටැන්ගෙරන්ග්හි පිහිටි Indonesia Convention Exhibition (ICE) BSD හිදී පැවැත්වුණු අතර, ඊට නරඹන්නන් 42000ක් පමණ පැමිණිය හ.

“Muslim Life Trade 2022”යනු ඉන්දුනීසියාවේ ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ව්‍යාපාරාන්තර ප්‍රදර්ශනයයි. මෙම ප්‍රදර්ශනය ඉන්දුනීසියානු ඉස්ලාමීය ව්‍යාපාර සහ ව්‍යවසායක ප්‍රජාව (KPMI) සහපී.ටී. ලීමා ඉවෙන්ට් ඉන්දුනීසියා හි (PT LIMA Event Indonesia) සහයෝගයෙන් පැවැත්වුණු අතර, ඔවුහු එහි සංවිධායකයන් වශයෙන් කටයුතු කළ හ.ඊජිප්තුව, ඉරානය, ජපානය, මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ටියුනීසියාව යන රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකකරුවන් ඇතුළු ප්‍රදර්ශකකරුවන් 300 දෙනෙකු මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ.

පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා(PT Advantis Akaza) යන සමාගම් සිය මෙහෙයුම් සේවා ප්‍රවර්ධනය කළ අතර, හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) සිය කාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය කළේ ය. ව්‍යාපාරික සබඳතා රැසක් නිර්මාණය කරගැනීමට අවස්ථාවක් හිමි වූ බැවින්, මෙම ප්‍රදර්ශනය තුළ තම සහභාගීත්වය සාර්ථක වූ බව මෙම සමාගම් සඳහන් කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 සැප්තැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close