ශ්‍රී ලංකාවේ සමාගම්වලට Shopee - Ecommerce වේදිකාව හරහා ඉන්දුනීසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ගවේෂණය කරනු ලැබේ

ශ්‍රී ලංකාවේ සමාගම්වලට Shopee – Ecommerce වේදිකාව හරහා ඉන්දුනීසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ගවේෂණය කරනු ලැබේ

සිංගප්පූරුව පදනම් කරගත් බහුජාතික තාක්‍ෂණ සමාගමක් වන Shopee සමාගම, ඊ-වාණිජ්‍යය සම්බන්ධයෙන් විශේෂිත වේ. මිලියන 343 ක් වූ පිරිසක් මාසිකව මෙම සමාගම වෙත පැමිණෙන අතර, එය අග්නිදිග ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව ලෙසද සැලකේ. එය නැගෙනහිර ආසියාවේ, ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් හරහා පාරිභෝගිකයන්ට සහ විකුණුම්කරුවන්ට සේවය සලසයි.

Shopee වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සමාගම්වලට ඉන්දුනීසියානු වෙළඳපොළ වෙත පිවිසීම සඳහා පවතින ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 11 වැනි දින, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල් මහතා, එහි වෙළඳ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ අනෝමා ප්‍රේමතිලක මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් සංවිධානය කළේ ය.

ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත ඉන්දුනීසියාව, මිලියන 270 කට අධික ජනගහනයක් සහ මිලියන 180 ක් වූ වර්ධනය වෙමින් පවතින මධ්‍යම පන්තියක් සහිත, ලොව සිව්වැනි වැඩිම ජනගහනය සහිත රට වේ. මෑත කාලීනව පළ වූ ලිපි වලට අනුව, නුදුරු අනාගතයේ දී ඉන්දුනීසියාව ලෝකයේ හොඳම ආර්ථිකයන් 10 අතරට පැමිණෙනු ඇත. තවද, මිලියන 171 කට අධික අන්තර්ජාල භාවිතා කරන්නන් සිටින ඉන්දුනීසියාව, ලොව විශාලතම අන්තර්ජාල වෙළඳපොළක් ද වේ. ඉන්දුනීසියාවේ මාර්ගගත පාරිභෝගිකයන් සංඛ්‍යාව 2017 වසරේ දී මිලියන 20 ක් වූ අතර එය 2022 වසර වන විට මිලියන 65 දක්වා වැඩි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 නොවැම්බර් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close