විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව ආශ්‍රිත ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව ආශ්‍රිත ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

 

 නැව් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ශ්‍රී ලංකා- බංග්ලාදේශ සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2022 නොවැම්බර් 23 වැනි දින, ග්ලාදේශයේ කැබිනට් ශ්‍රේණිය දරන, නැව් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඛලීඩ් මහ්මුද් චෞද්රි මැතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව පැවැත්වීම සඳහා තෝරාගෙන ඇති ප්‍රධාන ක්ෂේත්‍රයක් වන නැව් සේවා ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළහ. මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහ ඒකාබද්ධ ලේකම් මට්ටමේ සාකච්ඡාවල 2 වැනි සැසිවාරය කලින් පැවැත්වීම වැදගත් වන බව, අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සහ අමාත්‍ය ඛලීඩ් චෞද්රි මැතිතුමා මෙහිදී පිළිගත් හ. තවද, වෙරළබඩ නැව්ගත කිරීම සම්බන්ධයෙන් දෙරට අතර යෝජිත ගිවිසුම සහ කොළඹ සහ චැටෝග්‍රම් අතර පෝෂක සේවාවේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) අවසන් කිරීම පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ. ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපයට සහ එක්සත් ජනපදයට අපනයනය කෙරෙන, බංග්ලාදේශයේ අපනයනවලින් 40% ක් පමණ වන ඇඟලුම්, චැටෝග්‍රම් වරායේ සිට කොළඹ වරාය භාවිතා කරමින් ප්‍රවාහනය කරනු ලබන බැවින් සහ සිගප්පූරුව සමඟ සසඳන කල, ග්ලාදේශ අපනයන ප්‍රවාහනය කිරිම සඳහා වැය වන කාලය සහ මුදල් මෙමඟින් අවම වන බැවින්, බංග්ලාදේශය නැව් සේවා ක්ෂේත්‍රයේ ඉතා සුවිශේෂී හවුල්කරුවකු වන බව අමාත්‍ය සබ්රි මැතිතුමා අවධාරණය කළේ ය.

 ජපානයේ ආධාර සහිතව, කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදු වරායක් ලෙස සංවර්ධනය කෙරෙන මටාර්බරි වරායේ කටයුතු පිළිබඳව බංග්ලාදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. බංගලාදේශය සෑම විටම එවැනි මුලපිරීම් හරහා කොළඹ සහ චැටෝග්‍රම් යන වරායන් අතර සෘජු සම්බන්ධතාවක් පවත්වා ගැනීම ඉලක්ක කරන බවද එතුමා ප්‍රකාශ කළේ ය. මෙහිදී සිය අදහස් පළ කළ අමාත්‍ය සබ්රි මැතිතුමා, මෙරට වරායන්හි පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන ලෙස බංග්ලාදේශ ආයෝජකයන්ට ආරාධනා කළේ ය. තවද, කොළඹ වරාය නගරයේ විදේශීය ආයෝජකයන් සඳහා පවතින අවස්ථා පිළිබඳව බංග්ලාදේශ පාර්ශ්වය දැනුම්වත් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ පවතින විභව ශක්‍යතා ගවේෂණය කිරීම සඳහා බංග්ලාදේශ ආයෝජකයන්ට ආරාධනා කළේ ය.

 කොළඹ වරායට පැමිණෙන බංග්ලාදේශ යාත්‍රා සඳහා ප්‍රමුඛතා නැංගුරම් ලෑම පිරිනැමීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස, බංග්ලාදේශ පාර්ශ්වය ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉල්ලා සිටියේ . බංගලාදේශය, නැවකින් නැවකට/වෙනත් ප්‍රවාහනයකට මාරු වීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය බහුලව භාවිතා කරන රටක් වන බැවින්, මේ හා සබැඳි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා පැවැත්වූ . නැව් සේවා ක්ෂේත්‍රයේ දියුණුව දෙරටේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහාවහල් වන සාධනීය සාධකයක් බව අමාත්‍යවරු දෙපළ මෙහිදී සඳහන් කළහ. ශක්තිමත් ගුවන් සම්බන්ධතාවක් තිබීමේ අවශ්‍යතාව සහ පුද්ගලික ගුවන් සේවාවලට රට තුළට පිවිසීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

 න්දියානු සාගර වටද්දර රටවල ගමයේ (IORA) උප සභාපතිත්වය දරන අමාත්‍ය අලි සබ්රි මැතිතුමා එහි 22 වැනි අමාත්‍ය කවුන්සිල රැස්වීමේ රැස්වීම්වලට සහභාගී වීම සඳහා ඩකා නුවර චාරයක නිරත වී සිටියි.

 

ශ්‍රී කා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close