ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමට කතෝලික ප්‍රජාවෙන් ලැබෙන සහය විදේශ අමාත්‍යවරයාගේ ඇගැයුමට ලක් වෙයි

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමට කතෝලික ප්‍රජාවෙන් ලැබෙන සහය විදේශ අමාත්‍යවරයාගේ ඇගැයුමට ලක් වෙයි

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථානය විසින් අධ්‍යාපනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සේවා යන අංශයන්හි සපයන සහයෝගය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගය කළේය. ශුද්ධ වූ දේශයේ (වතිකානු) තානාපති බ්‍රයන් එන්ගෝසි උඩයිග්වේ අගරදගුරු තුමන් විදේශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා කෘතවේදීව එම සහයෝගයන් සිහිපත් කෙළේය. ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ දේශය අතර පවතින සමීප හා සුහද සබඳතා පිළිබඳව සඳහන් කළ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරය ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

කොවිඩ්-19 වසංගත සන්දර්භය තුළ, පාරිසරික ගැටළු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් දෙරට අතර ජාත්‍යන්තර මට්ටමින් පවතින සමීප සහයෝගීතාව පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළේය. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා ශුද්ධ වූ දේශය සඳහා සමගාමීව අක්ත ගැන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහාම පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා දැනුම් දුන්නේය. 2018 වසරේ සිට ශුද්ධ වූ දේශය සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපතිවරයකු නොමැති බව ද සඳහන් විය. මෙම සමගාමී අක්තගැන්වීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගත් තීරණය තානාපතිවරයා අගය කළේය.

ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම ඉදිරියේ දී සිදුවිය හැකි බවට විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close