ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය Geneva Crisis – The Way Forward ග්‍රන්ථය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය Geneva Crisis – The Way Forward ග්‍රන්ථය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය විසින් සම්පාදනය කරන ලද Geneva Crisis – The way forward ග්‍රන්ථය අද දින (2021 මාර්තු 12) විදේශ අමාත්‍යාංශයේදී එළි දක්වන ලදී. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහභාගී වූහ.

ජිනීවා අර්බුදයට අදාළ ලිපි විසි අටක් (28) මෙම ග්‍රන්ථය තුළ අඩංගු වේ. එම ලිපිවල රචකයින්  අතරට, වත්මන් විදේශ ඇමති, විදේශ ලේකම් ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙක් ඇතුළත් වෙති. මීට අමතරව, විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රිකයින්, විශේෂඥයින්, ව්‍යවස්ථාදායකයින්, ශාස්ත්‍රඥයින් සහ ක්ෂේත්‍රයේ වෙනත් පුද්ගලයින්ද මේ සඳහා ලිපි සම්පාදනයෙන් දායකත්වය ලබා දී ඇත.

එළි දැක්වීමේ උළෙල අමතමින්, හිටපු පළාත් සභා මන්ත්‍රී හා තානාපති සරත් විජේසිංහ මහතා, ග්‍රන්ථය සම්පාදනයෙහි ලා ලේඛකයින් විසින් දක්වන ලද ඉමහත් දායකත්වය සිය පැසසුමට ලක් කළේය. එළඹෙන එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් යෝජනාව විසඳීම සඳහා තාවකාලික පියවරක් ලෙස නොව, ජිනීවා අර්බුදයේ සමස්ත අනාගතය කෙරෙහි අවධානය යොමු කළ විසඳුමක් ලෙස එය එළිදැක්වූ බව හෙතෙම සඳහන් කළේය.

අමාත්‍ය ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම පිණිස ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ වන විට ලොව සෑම මිනිසෙකු පිළිබඳවම ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි. යම් යම් රටවල් ඉලක්ක කර ගැනීම වර්තමානයේ ලෝක ප්‍රමුඛතාවයක් නොවිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ ලේකම් කොළඹගේ මහතාද මෙම උළෙලෙහිදී අදහස් දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අදාළව, ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත පැහැදිලි කළේය. එමෙන්ම, ජිනීවාහි වර්තමාන තත්ත්වය පිළිබඳ පසුබිම පැහැදිලි කරමින්, ලොව විවිධ රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට සහය පළ කරමින් දක්වනු ලබන ස්වේච්ඡා දායකත්වය අගය කළේය.

මෙම ග්‍රන්ථය විදෙස් ශ්‍රී ලාංකික තාතාපති කාර්යාල සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවයන් අතර ඉතාමත් ඉක්මනින් ප්‍රචාරය කිරීමටද නියමිතය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 12 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close