මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා ප්‍රිටෝරියා හි සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු හමුවෙයි

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා ප්‍රිටෝරියා හි සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු හමුවෙයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා පසුගිය දිනවල දී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි රාජ්‍යතාන්ත්‍රික බලකාය නියෝජනය කරන සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු හමුවිය.

ඒ අනුව, මහ කොමසාරිස්වරයා දකුණු අප්‍රිකාවේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති සහ ප්‍රිටෝරියා හි රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානි බෙනෙ පොකො මැතිතුමා, පිලිපීන තානාපති සහ ප්‍රිටෝරියා හි දූත මණ්ඩල ප්‍රධානින්ගේ ආසියානු කණ්ඩායම්වල ප්‍රධානි ජෝසප් ජෙරාඩ් ඇන්ජලීස් මැතිතුමා සහ දකුණු අප්‍රිකාවේ යුරෝපා සංගමයේ තානාපති ආචාර්ය රිනා කියොන්කා මැතිනිය හමුවිය.

මෙම රැස්වීම් අතරතුරදී, මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෑත කාලීන සංවර්ධනය, පශ්චාත් කොවිඩ්-19 ප්‍රතිසාධන උපාය මාර්ග මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳව ද සම්භාවනීය අමුත්තන්ට විස්තර කළේය.

මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ප්‍රියංගනී හේවාරත්න මහත්මිය ද මෙම රැස්වීම්වලට සහභාගී වූවාය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා

2021 මාර්තු 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close