මාධ්‍ය ප්‍රකාශය - බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2021 මාර්තු 13 වැනි දින

මාධ්‍ය ප්‍රකාශය – බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2021 මාර්තු 13 වැනි දින

 චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත.

මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටින ලදී. මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මෙම තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 මාර්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close