විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ 3 වැනි විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රධාන දේශනය පවත්වයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ 3 වැනි විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රධාන දේශනය පවත්වයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ආරාධනය මත වියානා හි දී පැවති 3 වැනි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ ආරම්භක කොටසේ ප්‍රධාන දේශනය පැවැත්වූවාය. ඉහළ මට්ටමේ අංශයේ අනෙකුත් කථිකයන් අතරට විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබර්ට්  ෆ්ලොයිඩ් මහතා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ක්සාබා කොරාසි මහතා, උප මහලේකම් සහ නිරායුධකරණ කටයුතු සඳහා ඉහළ පෙළේ නියෝජිත ඉසුමි නකමිට්සු මහතා සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චුවන්ගොංග් මහතා ද ඇතුළත් විය.

විදේශ ලේකම් විජේවර්ධන මැතිනිය සිය ප්‍රධාන දේශනයේ දී, ගිවිසුම බලාත්මක වන තෙක්, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම්වලින් තොර ලෝකයක් කරා ඉදිරියට යාමට විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ ජයග්‍රහණ අගය කළාය. විජේවර්ධන මැතිනිය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම්වලින් තොර ලෝකයක් සඳහා, 1996 සිට විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම සඳහා මුල් අත්සන් කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ද අවධාරණය කළාය. පල්ලෙකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානය සමඟ පවතින පහසුකම් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ද මෙම විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ සත්‍යාපන තන්ත්‍රයට සහභාගී වේ.

විද්‍යාඥයින්, විශේෂඥයින්, සිවිල් සමාජ සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු රටවල් 80කින් පමණ සහභාගී වූවන් 250කට අධික පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට වියානා හි ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා සහ දූත මණ්ඩල කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජනය ද ඇතුළත් විය.

මෙම සම්මන්ත්‍රණයට සමගාමීව විදේශ ලේකම්වරිය විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා හමුවී ගිවිසුමට අදාළව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළාය.

විදේශ ලේකම් විජේවර්ධන මැතිනිය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි මහතා ද හමු වූ අතර 2019-2025 සඳහා වන තාක්‍ෂණික සහයෝගිතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ සෘජු තාක්ෂණික සහාය, පර්යේෂණ සහ සංවර්ධන, ධාරිතා වර්ධනය සහ විශේෂඥතාව ලබා දී ඇති බව ප්‍රකාශ කළාය.

වියානා හි ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා සහ දූත මණ්ඩල කාර්ය මණ්ඩලය මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 දෙසැම්බර් 9 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close