වසංගතයට ගොදුරුව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම සමඟ සාකච්ඡා කෙරේ

වසංගතයට ගොදුරුව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම සමඟ සාකච්ඡා කෙරේ

විදේශ ආයෝජන තුළින් දේශීය රැකියා වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව මෙන්ම වසංගතයට ගොදුරු වුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සී. ඒ. චාමින්දා අයි. කොලොන්නේ මහත්මිය එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් ආර්ථික හා සමාජයීය කෙමිසමට (යුනේස්කැප්) කරුණු දක්වා ඇත. තානාපතිනිය, ඉකුත් 20 වන දින යුනෙස්කැප් හි විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජාබානා මහත්මිය සමඟ ඇයගේ පළමු සුහද හමුව අන්තර්ජාලය ඔස්සේ පවත්වමින් මේ බව සඳහන් කර ඇත. විධායක ලේකම් අලිස්ජාබානා මහත්මිය වෙත ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍යවරයාගේ සහ ගරු විදේශ අමාත්‍යවරයාගේ උණුසුම් සුබ පැතුම් පිළිගන්වමින්, තානාපතිනි සහ නිත්‍ය නියෝජිතවරිය වන චාමින්දා කොලොන්නේ මහත්මිය, යුනෙස්කැප් හි අනාගත ප්‍රයත්නයන් වෙනුවෙන් සහ මව්බිමේ සුබසිද්ධිය පිණිස වන ක්‍රියාකාරකම් වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වුවාය.

යුනෙස්කැප් වෙත තානාපතිනි චාමින්දා කොලොන්නේ මහත්මිය සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව, “ආසියාවේ සහ පැසිෆික් කලාපයේ අර්බුදවලින් යහපත් තත්ත්වයට පත්වීම සඳහා කලාපීය සහයෝගීතාවය” යන තේමාව යටතේ 2021 අප්‍රේල් 26 සිට 29 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවත්වීමට නියමිත කොමිෂන් සභාවේ 77 වැනි සැසිවාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳව විධායක ලේකම් අලිස්ජාබානා මහත්මිය කෙටි පැහැදිලි කිරීමක් සිදු කළාය. වසංගතයේ සමාජ ආර්ථික බලපෑමෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා ගනු ලබන උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ කලාපීය රටවල හොඳම භාවිතයන් පිළිබඳව හැදෑරීමට එළඹෙන සැසිවාරය අවස්ථාවක් වනු ඇතැයි එහිදී ඇය අවධාරණය කළාය. කොමිසමේ 77 වැනි සැසිවාරය ආරම්භ වන අවස්ථාව වෙනුවෙන්, පටිගත කරන ලද වීඩියෝ පණිවුඩයක් ලබා දීම පිළිබඳව සහ කොමිසමේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහභාගීත්වය පිළිබඳව ඇය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ස්තූතිය පුද කළාය.

කෝවිඩ්-19 සඳහා ප්‍රතිචාර දැක්වීම, යථා තත්ත්වයට පත්වීමේ ක්‍රමවේද, එන්තත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාර්ථක පියවර පිළිබඳව සඳහන් කරන අතරතුර, කොමිෂන් සභාවේ 77 වැනි සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට, ඉකුත් වසරේ කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙහි පටන්, විශේෂයෙන් හානි පූර්ණ ක්‍රියාවලිය අතින් ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 වසංගතය පාලනයට සම්බන්ධ වූ, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නායකත්වය දෙන බව තානාපතිනි කොලොන්නේ මහත්මිය අවධාරණය කළාය.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මැද පෙරදිග සිට සංක්‍රමණික සේවකයින් නැවත පැමිණීම පිළිබඳව සහ දේශීය හෝ රටින් බැහැර සිටින පිරිසට නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කිරීමට තානාපති කොලොන්නේ මහත්මිය එහිදි අවස්ථාව ලබා ගත්තාය

මෙම සාකච්ඡාවේදී දෙදෙනාම තම අදහස් හුවමාරු කරගත් අතර, යුනෙස්කැප් හි පොදු තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස සිය පූර්ණ කැපවීම යළිත් තහවුරු කළහ.

අනතුරුව, විධායක ලේකම් අලිස්ජාබානා මහත්මියගේ ආරාධනයෙන්, තානාපතිනිය කොමිෂන් සභාවේ 77 වැනි සැසිවාරයට අදාළ 2021 අප්‍රේල් 20 දින පැවති හඳුන්වා දීමේ රැස්වීමට ද සහභාගී වූවාය.

යුනෙස්කැප් හි පළමු ලේකම් සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සරිතා රණතුංග මහත්මියද මෙම අන්තර්ජාල හමුවට සම්බන්ධ වූවාය.

තානාපති කාර්යාලය සහ යුනෙස්කැප් නිත්‍ය නියෝජිත කාර්යාලය
බැංකොක්

2021 අප්‍රේල් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close