යුක්‍රේනයේ පවතින ප්‍රවණතා පිළිබඳ ප්‍රකාශය

යුක්‍රේනයේ පවතින ප්‍රවණතා පිළිබඳ ප්‍රකාශය

යුක්‍රේනයේ මෑත කාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇත.

කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳා ගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ.

2022 පෙබරවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close