ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (B.O.I.) අතර අතථ්‍ය වෙබිනාර් හමුවක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (B.O.I.) අතර අතථ්‍ය වෙබිනාර් හමුවක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය වෙබ්නාර් හමුවක් සඳහා ඉදිරියේ දී ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට නියමිත ජපාන සමාගම් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙහි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු කළේය. තොරතුරු තාක්ෂණ අංශය, පුනර්ජනනීය බලශක්තිය සහ කෘෂිකාර්මික තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය. ඉලෙක්ට්‍රොනික වාහන (EV) බැටරි සඳහා 30%ක අවශ්‍යතාවය පවතින අමුද්‍රව්‍යයක් වන ශ්‍රී ලංකාවේ පවතින උසස් තත්ත්වයේ මිනිරන් පිළිබඳව ද තානාපතිවරයා සඳහන් කළ අතර එම නිෂ්පාදන ඉන්දියාව සහ පාකිස්ථානය වෙත අපනයනය කිරීමේ හැකියාවක් පවතින ගිගා ඉලෙක්ට්‍රානික වාහන (giga EV) බැටරි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම පිළිබඳව සලකා බැලීමට යෝජනා කළේය.

බිලියන 1.6කට අධික ජනතාවකට ප්‍රවේශ විය හැකි ඉන්දියාව සහ පාකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වාගෙන යනු ලබන එකම රට ශ්‍රී ලංකාව බව තානාපති ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේය.

නොරිතකේ පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගම සහ ශ්‍රී ලංකාව සතු ගුණාත්මක බවින් ඉහළ මැටිපස පිළිබඳව අවධාරණය කළ එතුමා ශ්‍රී ලංකාව පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස පිඟන් භාණ්ඩ නිෂ්පාදනය ආශ්‍රිත සියලුම සමාගම්වලට ආරාධනා කළ අතර දැනට ලංකාව අත් කර ගෙන සිටින තරඟකාරී ශ්‍රම, කළමනාකරණ සහ උපයෝගිතා අනුපාත ද මෙහි දී සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර එහි විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක මහතා විසින් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

ටෝකියෝහි එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ප්‍රධානී යුකෝ යසුනගා මහතා ද මෙම වෙබිනාර් හමුව සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 පෙබරවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close