මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නව පරිශ්‍රයක් වෙත රැගෙන යයි 

මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නව පරිශ්‍රයක් වෙත රැගෙන යයි 

උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වඩා හොඳ පහසුකම් සැපයීම සඳහා, ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 මැයි 18 වැනි දින Via Giovanni da Udine, n. 15, 20156, Milan ස්ථානයේ පිහිටි සිය නව පරිශ්‍රය වෙත රැගෙන යනු ලැබේ.

විශේෂයෙන් වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මහ ජනතාවට මෙන්ම කාර්යාල කාර්යය මණ්ඩලයට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සැපයිය හැකි වන පරිදි, මෙම නව පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා ඉඩකඩ සහිත පහසුකම්වලින් සමන්විත වේ. මිලාන් හි පොදු ප්‍රවාහන පහසුකම් සහිත සහ තදබදය අඩු ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්ථානය වෙත අමුත්තන්ට වඩා හොඳ ප්‍රවේශයක් ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාවට වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව සේවය කිරීම සඳහා, මිලාන් හි කොන්සල් ජනරාල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශයේ ද සහාය ඇතිව, නව පරිශ්‍රයට මාරුවීමට සමගාමීව 2021 මැයි 18 වන දින සිට ඇරඹෙන දෛනික කොන්සියුලර් සේවා සඳහා කාලය වෙන්කරවා ගැනීම පිණිස සාමාන්‍ය ජනතාවට මාර්ගගත (online) හමුවීම් ක්‍රමය නැවත හඳුන්වා දෙනු ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close