මියන්මාර රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.48කට අධික වටිනාකමකින් යුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

මියන්මාර රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.48කට අධික වටිනාකමකින් යුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඇමරිකානු ඩොලර් මිලියන 1.48කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත  2022 නොවැම්බර් 21 වැනි දින පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය භාරදීම සඳහා යැන්ගොන් හි වෛද්‍ය පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක් අතරතුර, මියන්මාරයේ  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය තෙට් ඛයින් වින් මැතිතුමා විසින් එය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

එම පරිත්‍යාගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙම අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට ඖෂධ සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම ඔස්සේ විදහා දැක්වූ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් මියන්මාර රජයට සහ ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළේ ය.

2022 ජූනි 07 වැනි දින පැවති අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය අතරතුර තානාපති ජනක බණ්ඩාර මැතිතුමා විසින් යොමු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මියන්මාරයේ රාජ්‍ය අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජනරාල් මින් අවුන්ග් ලයින්ග් මැතිතුමා විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදී.

යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම ඖෂධ තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැන්ගොන්

2022 නොවැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close