මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 12

මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 12

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබේ. එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 12 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close