මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමත කරයි

මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමත කරයි

මහජන චීන බැංකුව ඊයේ (මාර්තු 10 වැනි දින) ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කළේය. මෙම වැඩපිළිවෙල සාදරයෙන් පිළිගත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රකාශනයක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත ආයෝජකයින් දිරිගැන්වනු ලබන බවත්ය. මෙ පිළිබඳ විධිමත් කටයුතු දුරස්ථ ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව විසින් දරන ලද උත්සාහය  ද එතුමා අගය කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 මාර්තු 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close