අන්තර්ජාතික කාන්තා දින සැමරුම

අන්තර්ජාතික කාන්තා දින සැමරුම

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ගොතේ විශ්ව විද්‍යාලයේ උප සභාපති මෙන්ම වෘත්තීය කොන්සල් ජනරාල්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්  හා මේ පිළිබඳ උනන්දුවක් දක්වන කාන්තාවන් සමඟ  සාකච්ඡාවකට එක්වන ලෙසට, ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් මදුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය වෙත ආරාධනාවක් ලැබිණි. එම සාකච්ඡාව සඳහා ජපානය, ග්‍රීසිය, ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වැනි රටවල කොන්සල් ජනරාල්වරුන් එම සාකච්ඡාවට එක්ව සිටි අතර, ඔවුහු එහිදී  කාන්තා නායකත්වය පිළිබඳව සාකච්ඡාව කළහ.

එම සාකච්ඡාවේදී කොන්සල් ජෙනරාල්වරිය සිය වෘත්තීය සගයින් සමඟ පෞද්ගලික අත්දැකීම්, අභියෝග, තරුණියන් සඳහා දිරිගැන්වීම් සහ කාන්තා රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය පිළිබඳව, විශේෂයෙන් දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස නායකත්ව කාර්යභාරය පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගත්තාය.

වාර තුනක් සේවය කළ ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය මෙන්ම ධුරයේ දෙවරක් සේවය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූ ඇගේ දියණිය ද, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ පළමු කාන්තාව සහ මෑතකදී ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුරයට පොලිස් කාන්තා නිලධාරිනියක පත් කිරීම ආදී වශයෙන්, නායකත්ව භූමිකාවන් රැසකට පළමුවරට ශ්‍රී ලාංකීය කාන්තාවන් පණ දුන් බවට කොන්සල් ජෙනරාල්වරිය සඳහන් කළාය.

 56% ක කාන්තා ප්‍රතිශතයකින් සමන්විත ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළින් දක්නට ලැබෙන බවද ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ප්‍රකාශ කළාය. එමෙන්ම, සමාජයේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලාංකීය කාන්තාවන්ට සමාන ලෙස දායක විය හැකි අවාකාශයක් නිර්මාණය කිරීම සහ ආර්ථික සවිබල ගැන්වීම, ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් ආරක්ෂා කිරීම මෙන්ම, වෙනස් කොට සැලකීමේ නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිබඳව ද ඇය අවධානය යොමු කළාය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්
ෆ්‍රැන්ක්ෆර්ට්

2021 මාර්තු 15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close