බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මණ්ඩල ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මණ්ඩල ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

2022 අගෝස්තු මස 08 වැනි දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී ශ්‍රී ලංකා සාම සාධක හමුදා භට පිරිස් හමුවූ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ උපදේශිකා ශ්‍රීමාල් කහතුඩුව මහත්මිය එහි දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ මහතා හමුවිය.

අනතුරුව තානාපතිනිය සහ උපදේශකවරිය විසින් හමුදාවේ සියලුම නිලයන් සඳහා චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ වැඩමුළුවක් පවත්වන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා 13 වන බලසේනා ආරක්ෂණ බලකායේ (UNIFIL) අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නයන් සමරකෝන් මහතා විසින් සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්

2022 අගෝස්තු 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close