දයිෂුයි ජාත්‍යන්තර ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුබසාධන සමුළුවේ දී ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සංචාරක කුටිය කෙරෙහි උනන්දු වෙයි

දයිෂුයි ජාත්‍යන්තර ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුබසාධන සමුළුවේ දී ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සංචාරක කුටිය කෙරෙහි උනන්දු වෙයි

ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වෙළඳාම, අධ්‍යාපනික ගනුදෙනු, පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 වර්ෂයේ දී ආරම්භ කරන ලද දයිෂුයි ජාත්‍යන්තර ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුබසාධන සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, තේ, අත්කම් නිර්මාණ සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරිණි. එරට ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පුණ්‍යධාර ආයතන සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් මෙම සමුළුව සඳහා සහභාගි වූහ.

Guangzhou Sri Road Connection Trade Company Ltd වෙළඳ සමාගම සමඟ එක් ව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉන්දියාව, මෙක්සිකෝව, ඉරානය, මොරොක්කෝව යන රටවල පිහිටි අනෙකුත් කොන්සල් කාර්යාල සහ දේශීය විදේශීය ව්‍යාපාරික ආයතන අතර ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා ඉහළ පෙළේ ගැනුම්කරුවන් ගණනාවක් ඒකරාශී කර ගැනීම සඳහා අවස්ථාව සලස්වමින් නරඹන්නන් බොහොමයක් විසින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන මිලදී ගනු ලැබූ අතර සම්බන්ධතා තොරතුරු හුවමාරු කර ගනු ලැබිණි. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි නරඹන්නන් උනන්දුවක් දැක්වූ අතර චීන රජය පනවා ඇති සංචාරක සීමාවන් ලිහිල් කළ පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් පසුවිය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ගුවැන්ෂූ

2022 ජනවාරි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close