මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම  මැතිණිය  සහ බංග්ලාදේශයේ තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත කොන්ඩ්කර් එම්. ටල්හා මැතිතුමා අතර පැවති හමුව

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම  මැතිණිය  සහ බංග්ලාදේශයේ තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත කොන්ඩ්කර් එම්. ටල්හා මැතිතුමා අතර පැවති හමුව

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිණිය සහ බංග්ලාදේශයේ තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත කොන්ඩ්කර් එම්. ටල්හා මැතිතුමා අතර හමුවක් 2021 දෙසැම්බර් 22 වැනි දින පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

වෙළෙඳ හා වාණිජ කටයුතු සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව තානාපතිවරුන් දෙදෙනා මෙහිදී සාකච්ඡා පැවැත්වූහ. මීට අමතරව බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් බොහෝ දෙනෙකු සඳහා පවතින උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳවද ඔවුහු සිය අදහස් හුවමාරු කරගත්හ.

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බංග්ලාදේශයට පැමිණි අවස්ථාවේදී ලබාදුන් උණුසුම් පිළිගැනීම සම්බන්ධයෙන් තානාපති හිරිඹුරේගම මැතිණිය  අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය වෙත සිය ස්තුතිය පුද කළාය.

ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ තානාපතිවරුන් දෙදෙනා ශිෂ්‍යත්ව, පර්යේෂණ ආයතන සමඟ පවත්නා සහයෝගිතාව සහ විද්‍යා,තාක්ෂණ හා වෙළෙඳ හුවමාරුව සම්බන්ධයෙන් පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය

පැරිස්

2022 ජනවාරි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close