තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය සිය අක්තපත් ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි

තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය සිය අක්තපත් ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි

තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජතුමා බැහැදැකීමේ රාජකීය හමුවකට අවස්ථාවක් ලබා ගැනීම පිණිස, 2021 මාර්තු 03 වැනි දින තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චිට්ටිපට් ටොංප්‍රස්රෝත් මහතා හමුවී සිය අක්තපත් ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කළාය.

නම් කළ තානාපතිවරියට සුබ පැතුම් එක් කරමින්, අධ්‍යක්ෂ ජනරාල් චිට්ටිපට් මහතා එතුමියගේ ධුර කාලය තුළ දී තම රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කළේය. දෙදෙනාම, ශතවර්ෂ ගණනාවක් තිස්සේ භුක්ති විඳි දෙරට අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් තායිලන්ත රජය වෙත පිරිනැමූ නම් කළ තානාපතිවරිය, දැනටමත් පවත්නා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළාය.

අනෙකුත් කරුණු අතර, ඔවුන්ගේ සාකච්ඡාවට තායිලන්ත ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (TICA) සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනයන් යනාදිය ද ඇතුළත් විය.

තානාපති කාර්යාලයේ පළමු ලේකම් පූර්ණිමා ගුණසේකර මහත්මිය ද මෙහි දී නම් කළ තානාපතිවරිය සමඟ මෙම හමුවට එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බැංකොක්

2021 මාර්තු 08 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close