කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට ලෝක සෞඛ්‍යය සංවිධානය සහය දෙන බවට සහතික වෙයි

කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට ලෝක සෞඛ්‍යය සංවිධානය සහය දෙන බවට සහතික වෙයි

 

විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නියෝජිත, ආචාර්ය අලකා සිංග් මහත්මිය අද දින (ජුනි 25) අමාත්‍යාංශයේදී පිළිගන්නා ලදි.

ආචාර්ය සිංග් මහත්මිය ශ්‍රී ලංකාවට පිළිගනිමින්, 1952 වර්ෂයේදී කොළඹ දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමුවන නියෝජිතායතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සමීප සබඳතාව පිළිබඳව අමාත්‍යවරයා විසින් මතක ආවර්ජනය කරන ලදි. කොවිඩ් - 19 වසංගත කාලසීමාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහාය පිළිබඳව ප්‍රශංසාත්මකව අගයමින්, ශ්‍රී ලංකාවාසීන් වෙත කොවිඩ් - 19 සඳහා එන්නත් ලබාගැනීමේදී නිත්‍ය සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් සිදු කරන ලදි. කොවිඩ් - 19 අභියෝගයට මුහුණ දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දරන ලද ප්‍රයත්නයන්හි දී එම සංවිධානය සමඟ දැඩි සහයෝගීතාවයෙන් නැඟී සිටි පළමු රටවල් අතර ශ්‍රී ලංකාව සිටි බව ද අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් මෙහිදී සිහිපත් කරන ලදි.

ශ්‍රී ලංකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවතින සහයෝගීතාව පිළිබඳව අගයමින්, කොවිඩ් - 19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා මෙන්ම මෙම කාලසීමාව තුල තිරසර ලෙස අනෙකුත් සුව සේවාවන් ද ලබාදීම තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ආචාර්ය සිංග් මහත්මිය විසින් අවධාරණය කරන ලදි.

ආකර්ෂණීය සුව සේවා දර්ශක සඳහා මඟ පෙන්වන විශිෂ්ට සුව සේවා පද්ධතිය මෙන්ම ශ්‍රී ලංකාව කලාපයේ අනෙක් රටවල්වලටද ආදර්ශයක් ලෙස නැඟී සිටීම පිළිබඳවද ඇයගේ පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාව වෙත කොවිඩ් - 19 එන්නත් ලබාගැනීමේදී මෙන්ම කොවිඩ් - 19 වසංගත තත්ත්වයෙන් පසු නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහයෝගිතාව ලබා දෙන බවට ආචාර්ය සිංග් මහත්මිය තහවුරු කළා ය. මෙම වසරේ තෙවන කාර්තුවේදී එන්නත් ලබාගැනීමේ හැකියාව අතිශයින් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට අපේක්ෂා කරන බව ඇය විසින් අදහස් පළ කරන ලදි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සුව සේවා පද්ධතීන්හි ධාරිතාව හා පර්යේෂණ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close