ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Indonesian Immigration Polytechnic ආයතනය සඳහා වැඩසටහනක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Indonesian Immigration Polytechnic ආයතනය සඳහා වැඩසටහනක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 නොවැම්බර් 11 වැනි දින, සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී, Indonesian Immigration Polytechnic (POLTEKIM) ආයතනය සමඟ අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක් සාර්ථකව පැවැත්වී ය. Immigration Polytechnic යනු වෘත්තීය අධ්‍යාපනික කටයුතු සංවිධානය කරන උසස් අධ්‍යාපන ආයතනයකි. තවද එය මූලික වශයෙන් ආගමන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණතාව සහ දැනුම යෙදවීම කෙරෙහි අවධානය යොමු කරයි. Immigration Polytechnic ආයතනය මගින් පුහුණුව ලබන පුද්ගලයින් ඉන්දුනීසියාවේ පිහිටි ආගමන කටයුතු කාර්යාලවල හෝ විදේශ රටවල ඉන්දුනීසියානු නියෝජනය සහිත කාර්යාලවල ආගමන කටයුතු ඒකකවල සේවය සඳහා යොදවනු ලැබේ.

Immigration Polytechnic ආයතනයේ නිලධාරීන් සහ කැඩෙට් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී තානාපති කාර්යාලය ඉන්දුනීසියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව, ශ්‍රී ලංකාවේ ආයෝජන සහ තානාපති කාර්යාලය මගින් සපයනු ලබන කොන්සියුලර් සේවාවන් පිළිබඳව ඔවුන් දැනුම්වත් කළේ ය. ඉන්දුනීසියාවට පිවිසෙන වරායන්හි දී ශ්‍රී ලාංකිකයින් දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට ඒ ආශ්‍රිත කටයුතු සඳහා සහය ලබා දෙන ලෙස තානාපති කාර්යාලය Indonesian Immigration ආයතනයෙන් ඉල්ලා සිටියේ ය. තවද, දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, අපනයන සහ සූප ශාස්ත්‍රය පිළිබඳව සහභාගී වූ පිරිස දැනුම්වත් කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 නොවැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close