චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා චෙන්නායි හි සිටින දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා චෙන්නායි හි සිටින දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා, දීපවාලි උත්සවයේ සතුට සහ ප්‍රීතිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර බෙදාගැනීමේ අරමුණින්, 2022 නොවැම්බර් 11 වැනි දින, සිය නිල නිවසේ දී චෙන්නායි හි සිටින සියලුම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා සුහද හමුවක් පැවැත්වී ය.

මෙම අවස්ථාවට සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල ප්‍රධානීන්ට අමතරව, චෙන්නායි හි විදේශ කටයුතු අමාත්‍යංශයේ ශාඛා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා, චෙන්නායි හි පිහිටි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කලාපීය කාර්යාලයේ නිලධාරියා, සහ UNHCR හි චෙන්නායි හි පිහිටි ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානියාට මෙම අවස්ථාව සඳහා ඇරයුම් ලැබිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ආරාධිතයින් පිළිගත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, චෙන්නායි හි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද ඊට සහභාගී වීම සම්බන්ධයෙන් ඔවුන් වෙත සිය ස්තුතිය පුද කළේ ය.  ශ්‍රී ලාංකික සංස්කෘතිය අත්විඳීමට මෙන්ම ආහාරපාන රසවිඳීමට ආරාධිතයින්ට මෙමඟින් අවස්ථාව උදාවන බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කොක්ටේල් සහ ශ්‍රී ලාංකික ප්‍රණීත ආහාරවලින් සමන්විත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද මෙම උත්සවය අතරතුර පිරිනමන ලදී.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 නොවැම්බර් 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close