කොරියාව තවත් කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

කොරියාව තවත් කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

කොරියානු ජනරජය විසින් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා ඇ.ඩො. 450,000 ක වටිනාකමින් යුත් පීසීආර් පරීක්ෂණ කට්ටල සහ වේගවත් පරීක්ෂණ සඳහා වන පීසීආර් යන්ත්‍ර පහක් ද ඇතුළත් උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. ඔවුන් මෙම නොමසුරු දායකත්වය ලබා දෙන ලද්දේ මින් පෙර පිරිනැමූ කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයට අමතරවය.

කොරියානු ජනරජයේ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී ප්‍රදානය කෙරිණි. කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මැතිතුමා එම පරිත්‍යාගය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාට භාරදුන්නේය. ඉන් අනතුරුව එය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. කේ. රත්නායක මහතා වෙත භාරදෙන ලදී.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳ සමීප සබඳතා පවතී. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ දා පටන් කොරියානු ජනරජය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයට අදාළව වටිනා ආධාර ප්‍රදානය කොට ඇත.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ඔක්තෝබර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close