විදේශ අමාත්‍යංශය විසින් මහජනතාවට කොන්සියුලර් සේවා සැපයීම

විදේශ අමාත්‍යංශය විසින් මහජනතාවට කොන්සියුලර් සේවා සැපයීම

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය (2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල) 2021 ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගිකයන් සඳහා කොන්සියුලර් සේවා සැපයීම ආරම්භ කර ඇත.

සේවා අපේක්ෂා කරන්නන්ට හමුවීම සඳහා පහත සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කරගත හැකි ය: http://consular.mfa.gov.lk/ONLINEBOOKING

ඊට අමතරව පහත සඳහන් කලාපීය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත ය. ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින පුද්ගලයන්ට තම සේවා ලබා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන ලෙස දිරිමත් කෙරේ.

  • මාතර - අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, 041-2226697
  • යාපනය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, 021-2215972‍
  • මහනුවර - මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, 081-2384410
  • කුරුණෑගල - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, 037-2225931
  • ත්‍රිකුණාමලය - ප්‍රධාන ලේකම් කාර්යාලය, 026-2223186

වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වීමට පහත දුරකතන අංක භාවිත කරන්න:

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය- දුරකථනය: 2338812/7711194

                                                                       විද්‍යුත් ලිපිනය: authentication.consular@mfa.gov.lk

විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ:                    2338836/3136715

විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම:    2437635/7101193

අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම:             2338837

විදේශීය ශ්‍රී ලාංකික අංශය:                                            2338847

විවිධ කටයුතු අංශය:                                                      2338843

වෙනත් අංශය:                                                              2335942

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 ඔක්තෝම්බර් 06වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close