අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්  අන්කාරා හි දී ප්‍රදර්ශනය කරයි

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්  අන්කාරා හි දී ප්‍රදර්ශනය කරයි

තුර්කියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ඉතිහාසයේ ප්‍රථම වරට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ තුර්කියේ සිනමා අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ එක්ව නොවැම්බර් 30වෙනි දින අන්කාරා හි පිහිටි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ සිනමා අධ්‍යක්ෂක මණ්ඩල ඓතිහාසික චිත්‍රපට ශාලාවේ දී සම්මානලාභී ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් වන "විෂම භාග" චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදි.

අන්කාරා හි රාජ්‍යතාන්ත්‍රික මණ්ඩලය, විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් සහ විශ්ව විද්‍යාල සිසුන්, තුර්කියේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන් ම අනෙකුත් දූත මණ්ඩල නිලධාරීන් විසින් මෙම චිත්‍රපටය රස විඳිනු ලැබූ අතර මෙම අවස්ථාවේ දී ආරාධිතයින් හට ශ්‍රී ලාංකීය කෙටි ආහාර සහ සිලෝන් තේ පැන් සංග්‍රහයක් සිදු කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 දෙසැම්බර් 0​9 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close