නයිජීරියාව රඳවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු  ශ්‍රී ලංකාව විසින් නිරීක්ෂණය කරනු ලැබේ

නයිජීරියාව රඳවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු  ශ්‍රී ලංකාව විසින් නිරීක්ෂණය කරනු ලැබේ

2022 අගෝස්තු 07 වැනි දින නයිජීරියානු මුහුදු සීමාවට නිෂ්කාශනයකින් තොරව ඇතුළුවීම හේතුවෙන් නයිජීරියානු බලධාරීන් රඳවාගෙන සිටින එම්.ටී. හෙරොයික් ඉදුන් (M/T Heroic IDUN) නමැති නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් අට දෙනාගේ සුබසාධන කටයුතු, නයිජීරියාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

අමාත්‍යංශයේ උපදෙස් පරිදි, නයිජීරියාවේ ලාගෝස් වෙත ගිය කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මැතිතුමා, එහි රඳවා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ නයිජීරියානු බලධාරීන්ගෙන් විමසූ අතර, නීතිමය ක්‍රියාවලියෙන් පසුව ඔවුන් කඩිනමින් මෙරටට ආපසු ගෙන්වා ගැනීම පිළිබඳව ද සාකච්ඡා  පැවැත්වී ය. අමාත්‍යංශය සහ මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් මෙම තත්ත්වය නිරීක්ෂණය කරනු ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2022 නොවැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close