එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හමු වූ ශ්‍රී ලාංකිකයන්

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හමු වූ ශ්‍රී ලාංකිකයන්

විදේශ රැකියා ලබාගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා බලපත්‍ර හරහා අබුඩාබියට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු හා සබැඳි සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් බලධාරීහු එම ස්ථානයට ගොස් එහි සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සොයා ගත්හ.

තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් බලධාරින් එම ශ්‍රී ලාංකිකයන් සමඟ සිදු කළ විමසීම්වලදී, ඔවුන්ට ගැටළු හෝ පැමිණිලි නොමැති බව ඔවුහු ප්‍රකාශ කොට ඇත. ඔවුන්ගෙන් එක් අයෙක්, නැවත ලංකාවට පැමිණීම සඳහා සිය කැමැත්ත පළ කොට ඇති බැවින් තානාපති කාර්යාලය විසින් එම පුද්ගලයා ආපසු මෙරටට ගෙන්වා ගන්නා ලදී.

කෙසේ වුවද, නිසි නීතිමය සහ සංක්‍රමණ ක්‍රියා පටිපාටි අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය දුන් උපදෙස් ද නොතකා අනෙක් පිරිස ඕමානය බලා පිටත්ව ගොස් ඇති බව 2022 නොවැම්බර් 15 වැනි දින වාර්තා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙම තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා සිය පූර්ණ කැපවීමෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2022 නොවැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close