චීන නියෝජිත කණ්ඩායමේ කොළඹ සංචාරය

චීන නියෝජිත කණ්ඩායමේ කොළඹ සංචාරය

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් හෙට ඔක්තෝබර් 8 වැනි දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරයෙහි නිරත වන චීන දූත පිරිස ඔක්තෝබර් 9 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට අපේක්ෂා කෙරේ.

මෙම වැදගත් සංචාරයේ අරමුණ වෙනුවෙන් පිහිටුවා ඇති සංචාරක බුබුල මගින් කොළඹට පැමිණෙන දූත පිරිස සීමා කරනු ලබන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත යටතේ රාජ්‍ය නායකයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන රැස්වීම් දෙකකට පමණක් ඔවුන්ගේ කටයුතු සීමා කෙරෙනු ඇත.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 7 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close