ගෙළ වටා සයනයිඩ් කරළ පැළදී දරුවන් පුනරුත්ථාපනය කර ඵලදායී හා පෞඪ පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියොජිත මොහාන් පීරිස් සඳහන් කරයි.

ගෙළ වටා සයනයිඩ් කරළ පැළදී දරුවන් පුනරුත්ථාපනය කර ඵලදායී හා පෞඪ පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියොජිත මොහාන් පීරිස් සඳහන් කරයි.

ගෙළ වටා සයනයිඩ් කරළ පැළදීමට බල කෙරුණු දරැවන් රැක බලාගෙන ඔවුන් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමඟ ඔවුන් එක්කර ජීවිත යථා තත්ත්වයට පත් කර ඵලදායී හා පෞඪ පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යය වූ බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ අරියා රීතියේ රැස්වීම ආමන්ත්‍රණය කරමින් පීරිස් මහතා මේ බව සඳහන් කර තිබේ. ඉකුත් දා පැවති මෙම රැස්වීමේ දී අදහස් දැක් වූ ‍පීරිස් මහතා  “ළමා සොල්දාදුවන් සියලු දෙනාම,(594 දෙනෙකු) පුනරුත්ථාපනය කර නැවත ඔවුන්ගේ පවුල් සමග එක්කර ඇති බවත් බලහත්කාරයෙන් බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපනය අඩාල වූ සහ යළි විධිමත් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරන පිරිස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර හිටපු ළමා සොල්දාදුවෝ බොහෝ පිරිසක් ජාතික මට්ටමේ විභාගවලට සහභාගී කරවූ බවත් ඉන් ළමුන් 11 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි අතර, ඉන් තිදෙනෙක් විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් කරගනු ලැබූ බව ද. තවත් බොහෝ දෙනෙකු වෘත්තීය පුහුණුව ලැබූ අතර දැන් අර්ථවත් රැකියාවන්හි නිරතව සිටින බව ද පීරිස් මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය. එහි දී මොහාන් පීරිස් මහතා මෙසේ ද පවසා සිටියේය.

“අද උදෑසන කළ ඉදිරිපත් කිරීම්වලට සවන් දෙමින් මම කල්පනා කළේ, ගෝලීය පවුලේ සාමාජිකයන් වශයෙන් අප සැබවින්ම “මගේ වරදින්, මගේ වරදින්, මගේ බරපතල වරදින්” යැයි පැවසිය යුතු ද යන්නයි. එය ඛේදජනක කථාවක් නොවේ ද? බයිබල් ගීතිකාව, 127 ගීතාවලිය, 3-5 යන පද මට සිහිපත් විය.

බලව, දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක්ය.
කුසේ ඵලය ද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.
බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවෝත් එසේමය.
එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
ඔව්හු දොරටුවේ දී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝ ය.

හාස්‍යයට කරුණ වන්නේ, සන්නද්ධ ගැටුමේ සන්දර්භය තුළ දී ලෝකය ළමයින් සඳහා ඉහළ වටිනාකමක් ලබා නොදීමයි. ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල ළමුන් මිලියන 415 ක් වෙසෙන බව වාර්තාගත කරුණකි. ඉහළ තීව්‍රතාවයකින් යුත් ගැටුම් ප්‍රදේශවල දී එය මිලියන 149 ක විස්මයජනක සංඛ්‍යාවක් වන අතර, එය එක්සත් ජනපදයේ වෙසෙන ළමුන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

එසේ පැවසීමෙන් අනතුරුව, ඉතා වැදගත් මාතෘකාවක්, ඇත්තෙන්ම කනගාටුදායක මාතෘකාවක් මත මෙම සාකච්ඡාව සංවිධානය කිරීම පිළිබඳව රුසියාවේ සහ කසකස්තානයේ නිත්‍ය දූත මණ්ඩලවලට සහ එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයාට මම ස්තූතිවන්ත වෙමි. ත්‍රස්තවාදයට එරෙහි උප මහලේකම් වොරොන්කොව් මහතාට සහ අනෙකුත් කථිකයන්ට ද ඔවුන්ගේ ඇතුළු හද පිරික්සන, තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් ඉදිරිපත් කිරීම් පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි.

“සමාජයක් තම දරුවන්ට සලකන ආකාරයට වඩා එහි ආත්මය පිළිබඳව ප්‍රබල හෙළිදරව්වක් කළ හැකි අන් කිසිවක් නොමැත” යයි අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කළ ප්‍රකාශය උපුටා දැක්වීම හැර මට කළ හැකි කිසිවක් නොමැත. ළමයින්ට අසාමාන්‍ය ලෙස වෙනස් කොට සැලකීම, බැහැර කිරීම සහ අසමානතාවයෙන් පෙළෙන බව අප දකින විට මෙය අන් කවරදාටත් වඩා දැන් අදාළ වේ. දරිද්‍රතාවයේ දීර්ඝ කාලීන බලපෑම්, සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් හේතුවෙන් දරුවන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙයි.

කනගාටුදායක ලෙස, අද මෙහි සිටින අප බොහෝ දෙනෙක් දන්නා පරිදි, මගේ රට වන ශ්‍රී ලංකාව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පිරිසක් අතින් ළමා සොල්දාදුවන් පිළිබඳ සංසිද්ධිය අත්විඳින ලදී. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ පවුල්වලට තම පුතුන් හා දියණියන් ඔවුන්ගේ හමුදා අරමුණු සඳහා ලබා දීමට බලපෑම් කිරීම සඳහා බිය ගැන්වීම් සහ ත්‍රස්ත උපක්‍රම භාවිතා කළහ. එම පවුල් එය ප්‍රතික්ෂේප කළ විට, එම ළමයින් පාසල්වලින් පැහැරගෙන හෝ බලහත්කාරයෙන් ඔවුන්ගේ නිවෙස්වලින් රැගෙන යනු ලැබීය. එවැනි බඳවා ගැනීම්වලට විරුද්ධ වූ දෙමාපියෝ ප්‍රචණ්ඩත්වයට, රඳවා තබා ගැනීමට හා මරණයට පවා මුහුණ දුන්හ. එවැනි කණ්ඩායම් අතට පත්වූ ළමයින්ට කුමක් සිදුවේද යන්න අපි කවුරුත් හොඳින් දනිමු.

එබැවින්, 2009 දී මෙම කණ්ඩායම උදාසීන කිරීමෙන් පසුව පුනරුත්ථාපනය හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු කාර්යභාරයක් පැවරී තිබුණි.

මම ඔබට පෙන්වන්නට යන්නේ සයනයිඩ් කරල ඔසවා අල්ලාගෙන සිටින ළමා සොල්දාදුවෙකුගේ කුඩා ඡායාරූපයකි. මේ, ඇයගේ හසුරුවන්නෙකු සමඟ සිටින තවත් සොල්දාදුවෙක් වන අතර, ඇත්ත වශයෙන්ම ඇය දැන් කිසිදු බාධාවකින් තොරව එක්සත් රාජධානියේ වාසය කරයි. ට්‍රැක්ටරයක පිටුපස ළමා සොල්දාදුවන්ගේ තවත් ඡායාරූපයක් මෙහි ඇත. දැන් මේවා අපට මින් පසුව දැකීමට අවශ්‍ය නොවන දේවල් ය.

ප්‍රචණ්ඩ ගැටුමකට සම්බන්ධ වීම සහ ආදරණීයයන් අහිමි වීම මඟින්, දරුවෙකුගේ වර්ධනයට හා අධ්‍යාපනයට බලපාන කම්පනය සහ වෙනත් මානසික බලපෑම් ඇති කරන බව හොඳින්හ ඳුනාගෙන තිබේ. මෙම දරුවන්ට වෘත්තීය මට්ටමේ උපදේශනය ලබා දී ඇත. ආබාධිත, තුවාල ලැබූ සහ වෛද්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය වූ අය හොඳින් රැක බලා ගන්නා ලදී. තමන් සමාජයකට අයත් වීම පිළිබඳ හැඟීමක් ලබා දෙමින්, ඔවුන්ට ජාතික හැඳුනුම්පත් ලබා දී තිබේ.

ප්‍රතිපත්තිමය කාරණයක් ලෙස, කිසිදු ළමා සොල්දාදුවෙකුට ඔවුන්ගේ විමර්ශනවලට ප්‍රමුඛතාවය ලබා දී එම නඩු කටයුතු කඩිනමින් බැහැර කිරීම හැරෙන්නට, නඩු පැවරීමක් සිදු කර නොමැත. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සහ සිවිල් සමාජ සංවිධානවල සහාය ඇතිව මෙය සිදු කරන ලදී. ශ්‍රී ලංකාවට ලෝකය සමඟ බෙදා හදා ගැනීම සඳහා සාර්ථකත්වය පිළිබඳ කථාවක් තිබුණි - අවාසනාවකට මෙය දැන් අමතක වී ගිය කථාවකි.

ජාත්‍යන්තර ප්‍රජාවේ ඇතැම් අංශ සහ එක්සත් ජාතීන්ගේ ඇතැම් ආයතන පවා එවැනි සාර්ථකත්වය පිළිබඳ කථා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණකි. ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් අප පසුපස හඹා යාම දිගටම සිදුවේ. තමන්ගේම ප්‍රජාවට හා දරුවන්ට එවැනි දුක්ඛිත තත්ත්වයන් ගෙන ආ මෙම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ කණ්ඩායමේ ඉතිරි වී ඇති කොටස් විසින් ප්‍රචාරය කරනු ලබන වැරදි තොරතුරු මඟින් ඔවුන් නොමඟ යවනු ලැබේ. එවැනි දෙයාකාරයක ප්‍රමිතීන් තුළින් ලැබෙන දේශපාලන ප්‍රතිලාභ සඳහා එම දරුවෝ දිගටම ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටිති. ළමයින් ඇතුළුව, ගැටුම් හේතුවෙන් පැන නගින ගැටළු සම්බන්ධයෙන් තිරසාර ලෙස කටයුතු කිරීම පිළිබඳව අප බැරෑරුම් ලෙස සලකන්නේ නම්, අපගේ ඇස්වලට ඉහළින් ඇති ලෝම ඉවත් කළ යුතුය. මනුෂ්‍යත්වය සඳහා සැබෑ ප්‍රගතියක් ලබා ගැනීමට නම්, අප පොදු පදනමක් මත කටයුතු කළ යුතු වන අතර, යථාර්ථයට මුහුණ දිය යුතුය.

සෑම කෙනෙකුටම කීමට සාර්ථකත්වය පිළිබඳ කතාවක් ඇති බවට සහතික වෙමින්, ශ්‍රී ලංකාව අපේම දරුවන් රැකබලා ගැනීම දිගටම කරගෙන යනු ඇති අතර, ලෝකයේ වෙනත් රටවල පීඩා විඳින අනෙක් දරුවන් ද කවදා හෝ මෙම දුක්ඛිත තත්වයෙන් මිදී, සතුටින් සිටින මිනිස් පවුලක සාමාජිකයන් ලෙස ජීවත් වීමට නිදහස ලබනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.”

ස්තූතියි!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close