2023 වසරේ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය ස්කාර්බරෝහි දී පැවැත්වේ

2023 වසරේ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය ස්කාර්බරෝහි දී පැවැත්වේ

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2023 නව වසර සඳහා වූ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය 2023 ජනවාරි 7 වැනි සෙනසුරාදා දින ස්කාර්බරෝහි දී පැවැත්වී ය.

ස්කාර්බරෝ හි වෙසෙන 300,000 කට අධික ශ්‍රී ලාංකික කැනේඩියානුවන්ගේ කොන්සියුලර් සේවා අවශ්‍යතාවලට පහසුකම් සැලසීම සඳහා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මාසික ජංගම කොන්සියුලර් සේවා පවත්වනු ලැබේ. මහජනතාවට කාර්යක්‍ෂම සහ ඵලදායී සේවා සැපයීම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්ති සහ ඉදිරි දැක්මට අනුකූලව මහජනතාවගේ පහසුව සඳහා මෙම කටයුුතු සිදුකිරීමට දූත කාර්යාලය  තීරණය කර ඇත. මෙම ජංගම කොන්සියුලර් සේවා සති අන්තයේ පැවැත්වීම මඟින් විවිධ කොන්සියුලර් සේවා පහසුවෙන් සහ පුළුල් ලෙස ලබාගැනීමට  ශ්‍රී ලාංකික කැනේඩියානු ප්‍රජාවට අවස්ථාව හිමි වේ.

මෙවර පැවති ජංගම කොන්සියුලර් සේවයට 600 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලාංකික කැනේඩියානු ප්‍රජාව සඳහා රජය විසින් සපයනු ලබන පහසුකම් අගය කිරීමක් වශයෙන්, මෙම ජංගම සේවයට සහභාගි වූ ජනතාව සඳහා අවශ්‍ය කාර්යාල අවකාශයක් සහ ආහාරපාන එම ප්‍රදේශයේ ප්‍රජා නායකයන් කිහිප දෙනෙකු විසින් සූදානම් කරන ලදී. රජය මත පනවනු ලබන කිසිදු අමතර වියදමකින් තොරව සහ ප්‍රබල ප්‍රජා සහයෝගයක් සහිතව මෙම ජංගම සේවය සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ග නියෝජනය කරන ශ්‍රී ලාංකික කැනේඩියානු ප්‍රජාවට එකිනෙකා හමුවී නව වසරට  සුබපැතුම් පිරිනැමීම සඳහා වූ පොදු වේදිකාවක් සකස් කළ කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා මෙම අවස්ථාව යොදාගත්තේ ය.

 

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ටොරොන්ටෝ

2023 ජනවාරි 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close