විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය ඔක්තෝබර් 08 සහ 09 යන එළඹෙන දින දෙක තුළ දී අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, තරයේම කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ඇත

පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය:

විදේශයන්හි සිදුවන මරණ: දුරකථන: +94 (011) 233 8836/ +94 (011) 233 5942

අපනයන ලේඛන සහතික කිරීම: දුරකථන: +94 (011) 2338812

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close