විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය නැවත දැනුම් දෙන තෙක් අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, තරයේම කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ඇත.

පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය:

අපනයන ලේඛන සහතික කිරීම: දුරකථන අංක: +94 (011) 2338812

විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා මරණ සම්බන්ධ ලියකියවිලි ආධාර සම්බන්ධ විමසීම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න:

දුරකථන අංකය: +94 (011) 2323015

විද්‍යුත් තැපෑල: cypher@mfa.qov.Ik

ෆැක්ස් අංකය: +94 (011) 2446091/+94 (011) 2333450

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝබර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close