සිරියාවේ භූ කම්පනය පිළිබඳ ප්‍රකාශය

සිරියාවේ භූ කම්පනය පිළිබඳ ප්‍රකාශය

සිරියානු අරාබි ජනරජයේ හටගත් ව්‍යසනකාරී භූ කම්පනය හේතුවෙන්  සිදු වූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව කම්පාවට පත්ව සිටින ශ්‍රී ලංකාව, සිරියානු අරාබි ජනරජයට සහ එහි ජනතාව වෙත සිය බලවත් සංවේගය ප්‍රකාශ කර සිටියි.

විපතට පත් වූවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් අපි යාච්ඥා කරන්නෙමු.   මෙම අසීරු මොහොතේ දී සිරියානු ජනතාවගේ ශෝකය බෙදාගන්නා අප, විපත හේතුවෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

සිරියාවේ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සිටින බවට කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවත්, බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, සිරියාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද, බේරූට් හි සිටින ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා  තහවුරු කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 07 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close