දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා මං විවරවන බව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර නිල වශයෙන් රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කර 50 වසරක් සපිරීමේ ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා සංවිධානය කරන ලද "වියට්නාම - ශ්‍රී ලංකා සබඳතාවල 50 වැනි වසර: අත්කරගත් ජයග්‍රහණ හා අපේක්ෂාවන් " යන තේමාව යටතේ පවත්වන ලද මාර්ග ගත සමුළුවේදී අවධාරණය කරන ලදී. වියට්නාමයේ, හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දියානු හා නිරිත දිග ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම ආයතනයේ ( VIISAS) සමාජ විද්‍යා වියට්නාම අධ්‍යයන ආයතනය (VASS) හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග එක්ව ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKI ) විසින් මෙම සමුළුව සංවිධානය කරන ලදී. දෙරට අතර ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා සංස්කෘතික සබඳතා පුළුල් කිරීම මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ විය.
කළාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති, තානාපති බර්නාඩ් ගුණතිලක, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ෆාම් තී බිච් න්ගොක් යන මහත්ම මහත්මීහු සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක් කොළඹ පැවති මෙහි සමාරම්භක උත්සවයට පැමිණ සිටියහ. සමාජ විද්‍යා පිළිබඳ වියට්නාම අධ්‍යයන ආයතනයේ උප සභාපති මහාචාර්ය ඩැන්ග් නුයෙන් අන්, ඉන්දියානු සහ නිරිත දිග ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම ආයතනයේ සමාජ විද්‍යාව පිළිබඳ වියට්නාම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහාය මහාචාර්ය නුයෙන් සුඈන් ට්රූන්ග්, වියට්නාම රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකාවේ හිටපු වියට්නාම තානාපති ආචාර්ය ටොන් සින්ග් තනහ් සහ ඉන්දියානු හා නිරිත දිග ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම ආයතනයේ සමාජ විද්‍යා පිළිබඳ වියට්නාම අධ්‍යයන ආයතනයේ පර්යේෂක න්ගුයෙන් ති ඔන්හ් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වියට්නාම පාර්ශ්වය නියෝජනය කරන ලදී.
1970 වසරේ නිලවශයෙන් ද්විපාර්ශ්වික සබඳතා ස්ථාපනය කිරීමට පෙර පවා ශත වර්ෂ ගණනාවක් පුරා මුල් බැසගත් මිත්‍ර සබඳතා ශ්‍රී ලංකාව සහ වියට්නාමය භුක්තිවිඳ තිබෙන බව ආරම්භක දේශනය කළ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය. නවීන වියට්නාමයේ ප්‍රාරම්භක හිටපු ජනාධිපති හෝ චි මින්හ් මැතිතුමා යුරෝපයට යන ගමනේදී 1911, 1928, හා 1946 යන වර්ෂවලදී ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාර පිළිබඳව ඔහු මෙහිදී සිහිපත් කළේය.
විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කුළුණු තුන වන ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය හා විදේශ සබඳතා පිළිබඳව ද එතුමා මෙහිදී සඳහන් කළේය. සම්ප්‍රදායික දේශපාලන රාජ්‍යතාන්ත්‍රික කටයුතු වෙනුවට වෙළඳ හා ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමක් කෙරෙහි නව යුගයේ අවධානය යොමුවනු ඇත. 2020 වසරේ ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරමින් ලබාදෙන දායකත්වය සහ ගෝලීය ප්‍රජාව සමග සිදුකරන ආර්ථික සමෝධානිකරණය, පවත්නා සම්බන්ධකතාව සහ ආසියාන් සංවිධානය සිදුකරන කටයුතු වැඩි දියුණු කිරීම කෙරෙහි වියට්නාමය ලබාදෙන දායකත්වය මෙහිදී අගය කළේය.
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ෆාම්ති බිච් න්ගොක් මහත්මිය දෙරට අතර මුල්බැසගත් සුහදශීලි සබඳතා පිළබඳව සහ දෙරටේ ඌන පූරණය කිරීම් මගින් මෙම සබඳතාවල අනාගත සැලසුම් සඳහා පහසුකම් සලසන්නේ කෙසේද යන්න පිළිබඳව සඳහන් කළේය. අග්නිදිග ආසියාවේ ආර්ථිකය සීඝ්‍ර ලෙස වර්ධනය වන හෙයින්, ව්‍යාපාරික සබඳතා ආරම්භ කිරීමට වියට්නාමයේ පවතින ආර්ථික වටපිටාව වාසිදායක වන බව ඇය තවදුරටත් සඳහන් කළාය.
වියට්නාම සමාජ විද්‍යා අධ්‍යයන ආයතනයේ උප සභාපති මහාචාර්ය ඩැං ගුයීන් අන් මහතා, වියට්නාමයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ පෞද්ගලික ව්‍යවසායන් සතුව පවතින ඉහළ හැකියාව පිළිබඳව අවධාරණය කළ අතර එවැනි ව්‍යාපාරවල ආයෝජනය කරන ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේය. වෙළඳ හා වාණිජ ක්ෂේත්‍රය, විශේෂයෙන්, යටතල පහසුකම් සංවර්ධන, ප්‍රනර්ජනනීය බලශක්ති, රබර්, සිමෙන්ති, දියමන්ති, රෙදිපිළි හා ආහාර ද්‍රව්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවතින ඉඩප්‍රස්ථා පිළිබඳව ඔහු මෙහිදී අවධානය යොමු කළේය. වේගවත් ආර්ථිකයක් හිමි රටක් වශයෙන් වියට්නාමයට කැපී පෙනෙන වෙළඳ පොළක් තිබෙන බවත් වියට්නාමයේ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් එහි වෙළඳපොළේ අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව, ආසියාන් සංවිධානය කේන්ද්‍රකොට ගනිමින් ආර්ථිකය වෙත අවධානය යොමු කර ඇති රටක් ලෙස හුවා දැක් වූ හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වියට්නාමය හා අනෙකුත් ආසියාන් රටවල් සමග ආර්ථික සහයෝගිතාවයේ අනාගත හැකියාව පිළිබඳව අවධාරණය කළේය. සැපයුම් දාම විවිධාංගිකරණය, මෑත කාලීන සමාජයීය - ආර්ථික සංවර්ධනය, දිළිඳුභාවය තුරන් කිරීම හා අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වියට්නාමයේ අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවට බොහෝ දෑ ඉගෙනගත හැකි බව ද සඳහන් කළේය.
මෙම සමුළුව මෙහෙය වූ ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKI) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා, සිය දේශනය අවසන් කරමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඇති අභියෝග හා ඉඩප්‍රස්ථා හඳුනා ගැනීමට මෙම සමුළුව වේදිකාවක් වන බව ප්‍රකාශ කළේය.
අවධානය යොමු කළ සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපරිම ඵල නෙලා ගැනීමට අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් අප දෙරටට කටයුතු කළ හැකි බවත් වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා ස්තූති කථාව කරමින් ප්‍රකාශ කළේය. ඉන්දියානු හා නිරිත දිග ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම ආයතනයේ සමාජ විද්‍යා වියට්නාම අධ්‍යයන ආයතනයේ ඓතිහාසික හා සංස්කෘති අධ්‍යයන දෙපාර්තමේන්තු ප්‍රධානී ආචාර්ය ලී තී හැන්ට් ගා මහතා මෙම සමුළුව හා සම්බන්ධ වූ සියලුම ආයතනවලට ස්තූතිය පිරිනැමු අතර දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රායෝගික ප්‍රතිඵල
නෙලා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ආයතන සමග අනාගත සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට තම ආයතනය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
කොළඹ, කැළණිය, රුහුණු, යාපනය යන විශ්ව විද්‍යාලවත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේත්, අපනය සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංවර්චාරක ප්‍රවර්ධන කාර්යාංශය, වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව යන රාජ්‍ය ආයතනවලත් නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2020 සැප්තැම්බර් 23 දින