ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 2023 ජාත්‍යන්තර පුණ්‍යාධාර දිවා භෝජන සංග්‍රහයට  සහභාගී වේ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 2023 ජාත්‍යන්තර පුණ්‍යාධාර දිවා භෝජන සංග්‍රහයට  සහභාගී වේ

ඔස්ට්‍රියාවේ වියානා නුවර වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පැවති එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය (UNWG) විසින් සංවිධානය කරන ලද 2023 ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය.

මෙම දිවා භෝජන සංග්‍රහයට වියානා හි පිහිටි තානාපති කාර්යාල සහ නිත්‍ය දූත මණ්ඩල 30ක් පමණ සහභාගී වූහ.

UNWG පුණ්‍යායතන වැඩසටහන යටතේ ලොව පුරා සිටින අවශ්‍යතා ඇති දරුවන්ට සහ මව්-ළමා සත්කාර වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම දිවා භෝජන සංග්‍රහය සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලාංකීය ආහාරපාන සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසත් ප්‍රවර්ධනය කිරීමත් අවස්ථාවක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 සැප්තැම්බර් 26

Print Friendly, PDF & Email
Please follow and like us:

Close