ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මලක්කා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවෙයි

 ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මලක්කා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවෙයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Air Chief Marshal සුමංගල ඩයස් මහතා 2023 සැප්තැම්බර් 27 වන දින මලක්කා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය මොහොමඩ් අලි බින් මොහොමඩ් රුස්ටම් මහතා සමඟ මලක්කාවේ ආණ්ඩුකාර කාර්යාලයේ දී සුහද හමුවක් පැවැත්වූයේ ය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්, විදේශිකයන් සඳහා රැකියා අවස්ථා සහ ශ්‍රී ලංකාව සහ මලක්කා ප්‍රාන්තය අතර සංචාරක සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මහ කොමසාරිස්වරයා සහ මලක්කා ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡා පැවැත්වීය. මලක්කා ප්‍රාන්තයේ මෙම වැදගත් සංචාරය සැමරීම සඳහා මහ කොමසාරිස් ඩයස් මහතා ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

මහ කොමසාරිස් කාර්යාලයේ Counsellor and Head of Chancery එම්.අයි.එම්. රිස්වි, මහ කොමසාරිස්වරයා සමඟ ද්විපාර්ශ්වික රැස්වීමට සහභාගී වුයේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලම්පූර්

2023 ඔක්තෝබර් 16

Print Friendly, PDF & Email
Please follow and like us:

Close