කරච්චියෙ  හි ශ්‍රී ලංකා ආහාර උළෙල දිවයිනේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කරයි

කරච්චියෙ  හි ශ්‍රී ලංකා ආහාර උළෙල දිවයිනේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කරයි

Marriot Hotel and Quality Event Pvt. Ltd. සමාගම සමඟ එක්ව කරච්චියෙ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් 2023 සැප්තැම්බර් 09 සිට 10 දක්වා කරච්චි හි මැරියට් හෝටලයේ දී ශ්‍රී ලංකා ආහාර උළෙලක් සංවිධානය කරන ලදී. මෙම ආහාර උළෙලේ දී ශ්‍රී ලංකාවේ දේශීය ආහාර සහ ලංකා තේ ප්‍රදර්ශනය කෙරිණි.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ක්‍රියාකාරකම් මාලාවක කොටසක් ලෙස මෙම ආහාර උළෙල සංවිධානය කර තිබුණි.

පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය හරිස් නවාස් මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. උත්සවයට ආරාධිත අමුත්තන් 150 ක් පමණ සහභාගී විය.

මෙම අවස්ථාවට චන්දන වික්‍රමසිංහ නර්තන සංසදයේ මෙන්ම ශ්‍රී ලාංකේය ගායිකා සොනාල් ප්‍රභාෂිතගේ ද සිත් ඇදගන්නාසුළු අංගයන් ඇතුළත් විය. එම අංගයන් මෙම උත්සවයට සංස්කෘතික හා කලාත්මක රසයක් එක් කළ අතර අමුත්තන්ට ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් කලාව පිළිබඳ රසාස්වාදයක් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට එහි වැදගත්කම සහ සුවිශේෂත්වය අවධාරණය කරමින් පකිස්ථානයේ ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් පුළුල් ප්‍රචාරයක් ලැබුණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චිය

2023 සැප්තැම්බර් 25

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close