මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය "ගනේෂ් උත්සව්" සංස්කෘතික උත්සවයට සහභාගී වේ

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “ගනේෂ් උත්සව්” සංස්කෘතික උත්සවයට සහභාගී වේ

 

මියන්මාරයේ ඉන්දීය තානාපති විනෙයි කුමාර් මහතාගේ ආරාධනයකට අනුව, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 සැප්තැම්බර් 24 වන දින යැංගොන් හි Hexagon මධ්‍යස්ථානයේ පැවති ගනේෂ් උත්සව් සංස්කෘතික රාත්‍රියට සහභාගී විය.

ජාතීන් අතර සාමය සහ සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණින්, මියන්මාරයේ ඉන්දීය තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, “One Earth – One Family”යන තේමාව යටතේ යැංගොන් හි Morya ඉන්දියානු සමාජය විසින් සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.

ශ්‍රී ලාංකේය නර්තන ශිල්පීන් විසින් “මයුරා වන්නම” ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනප්‍රිය “ලොවේ සැමා” ගීතය ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් විය. ඉන්දියාව, නේපාලය සහ මියන්මාරය යන රටවල සංස්කෘතික අංගයන් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අනෙකුත් ඉහළ පෙළේ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැංගොන්

2023 සැප්තැම්බර් 26

 

Please follow and like us:

Close