ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථානයේ නිල සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථානයේ නිල සංචාරයක

පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ඇරයුමෙන් පාකිස්ථාන ජාතික දිනයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 22 සිට 24 වැනි දින දක්වා එරට තෙදින නිල සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථාන ජනපාධිපති මම්නූන් හුසේන් සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් හතරක් අත්සන් තැබීමේ අවස්ථාවටද සහභාගී වීමට නියමිතය. එම අවබෝධතා ගිවිසුම් වනුයේ: ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තාරුණ්‍ය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම; ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා පාකිස්ථාන විදේශ සේවා අධ්‍යාපන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම;  ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය හා ඉස්ලාමාබාද්හි උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම; සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හා පාකිස්ථාන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික විද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුමයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති, ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමටද නියමිතය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මාර්තු මස 21 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close