පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

 පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමර් ෆරූක් බුර්කි මැතිතුමා 2022 ජූලි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, බහුවිධ ක්ෂේත්‍ර අරභයා මේ වන විට දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් සිය තෘප්තිය පළ කළේ ය. දෙරටේ ද්විමාර්ගික  සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කළ යුතු බව ඔවුහු මෙහිදී අවධාරණය කළහ.

තවද, බොහෝ කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවල පවත්නා අසීරුතා මධ්‍යයේ පාකිස්තාන රජය විසින් පිරිනමන ලද  විශ්වාසවන්ත සහ ස්ථාවර සහයෝගය අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close