කොරියානු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවෙයි

කොරියානු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජොන්ග් මැතිතුමා 2022 ජූලි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  මැතිතුමා හමුවිය.

දෙපාර්ශ්වය මෙහිදී දේශපාලනික කටයුතු, ආර්ථික කටයුතු, රැකියා, අධ්‍යාපනය, දැනුම හුවමාරු කරගැනීම සහ පුද්ගලාන්තර සම්බන්ධතා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හා සබැඳි ද්විපාර්ශ්වික සහයෝගිතාව පු‍ළුල් කිරීම පිළිබඳව සිය අදහස් හුවමාරු කර ගත්හ.

පසුගිය වසර කිහිපය තුළ දෙරට අතර පැවති ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳව තමන් තෘප්තිමත් වන බව ප්‍රකාශ කළ අමාත්‍ය සබ්‍රි මැතිතුමා, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන හා සබැඳි හවුල්කාරිත්වය තහවුරු කරමින් එම ප්‍රගතිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබදව අවධාරණය කළේ ය. දෙරට අතර වෙළෙඳ හා තාක්ෂණික හුවමාරුව පුළුල් කිරීම සඳහා ඒකාබද්ධ ආර්ථික කොමිසම යළි පණ ගැන්වීමේ දැඩි අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. ශ්‍රී ලාංකිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා කොරියාව දක්වන ලද කාලෝචිත අවධානය ද විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

තානාපති වූන්ජින් මැතිතුමා ශ්‍රී ලංකාවට කොරියානු ආධාර ලබාදෙන  බව මෙහිදී සහතික කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඔ

2022 අගෝස්තු 03වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close