නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනිය පත් කිරීම

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනිය පත් කිරීම

නෙදර්ලන්ත රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන, කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් බොනී හොර්බාක් මැතිනිය පත් කොට ඇත. එතුමිය 2022 සැප්තැම්බර් 16 වැනි දින පෙ. ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 සැප්තැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close