ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් ඖෂධ පරිත්‍යාගයක් ඇමරිකෙයාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් ඖෂධ පරිත්‍යාගයක් ඇමරිකෙයාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

වොෂින්ටන් ඩී. සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යොමු කළ ඉල්ලීමකට අනුව සහ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ලොව ප්‍රමුඛතම ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයන්නෙකු වන ඇමරිකෙයාස් සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් 773,000 කට අධික වටිනාකමින් යුත් (ඇස්තමේන්තුගත රුපියල් 279,476,100.28 ක මුදලක්) අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා කඩිනමින් අවශ්‍යව ඇති ප්‍රසව හා කිරි දෙන මව්වරුන්ට ලබා දෙන විටමින්, නිදන්ගත රෝග සඳහා ලබා දෙන ඖෂධ, අභ්‍යන්තර වාහිනික කැතීටර, සිරින්ජි, සහ අත්වැසුම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.

මෙම කාරුණික පරිත්‍යාගය සඳහා පහසුකම් සැලසීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඇමරිකෙයාස් සංවිධානය අතර අනාගතයේ දී ද පරිත්‍යාග සිදුකිරීමට හැකිවන පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම වැදගත් අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විධිමත් සහතිකපත්‍ර භාරදීමේ උත්සවයක් වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ සහ ඇමරිකෙයාස් සංවිධානයේ නියෝජ්‍ය වෛද්‍ය නිලධාරී සාධනා රාජමූර්ති මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම ප්‍රයත්නය ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් සිදු වන අතර, ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ මෙරටට වැදගත් වන මෙවැනි මොහොතක, ඊට සහය වීම සඳහා ඇමරිකෙයාස් සංවිධානය පළ කළ නොමසුරු සහ පරිත්‍යාගශීලී දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී ජනතාව සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය අවංක ඇගයීම සහ කෘතවේදීත්වය පළ කර සිටියි.

ඇමරිකෙයාස් යනු දරිද්‍රතාව හෝ ව්‍යසන හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කරන සහ සෞඛ්‍යය ඉහළ නංවන, සෞඛ්‍යය කේන්ද්‍ර කරගත් සහනශීලී සහ සංවර්ධනය කේන්ද්‍ර කොට ගත් සංවිධානයකි. මෙම සංවිධානය සෑම වසරකම ජීවිතයට පරිවර්තනීය වෙනසක් ගෙන එන සෞඛ්‍ය වැඩසටහන්, ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ අත්‍යවශ්‍ය ආධාර සමඟින් එක්සත් ජනපදය ඇතුළුව සාමාන්‍යයෙන් රටවල් 85කට ප්‍රවේශ වේ. වසර 40කට පෙර අරඹන ලද මෙම සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 164කට ඩොලර් බිලියන 20කට අධික ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                                                  ඇමරිකෙයාස්

වොෂින්ටන් ඩී. සී.                                                                                                                   කනෙක්ටිකට්

2022 සැප්තැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close